පුත්තලමේ පාසල්-නිවාස රැසක් ජලයෙන් යටවේ


(එච්. චන්දන)


අද (25) අලුයම පුත්තලම නගරයට ඇදහැලෙන වර්ෂාව නිසා  පුත්තලම නගරයේ ස්ථාන ගණනාවක් ජලයෙන් යටවී ඇති බව පුත්තලම පොලීසය කියයි.


නගරයේ ප්‍රධාන පාසල් ගණනාවක්ම ජලයෙන් යටවී ඇති අතර රජයේ කාර්යාල රැසක්, නිල නිවාස, එළුවන්කුලම රේල් පාර මේ අතර වේ. 


මේ නිසා නගරයේ ඇති ප්‍රධාන පාසල් රැසක්ම අද (25) වසා දමා තිබේ.


ඉකුත් දිනවල වැසි තත්ත්වය හමුවේ ජලය නොබැසීමත්, පුත්තලම කලපුව නගරයට ඉහළින් පිහිටීමත් , කාලයක් වැසි නොලැබුණු නිසා ජලය බැස යන  මාර්ග  අවහිර කර විවිධ ඉදිකිරීම් සිදුකර ඇති නිසා මේ තත්වය උදාවී ඇති බවයි ප්‍රදේශවාසීහු පවසති.