රෝවන් පෙරේරා
වසර දෙකක් පැවති නියඟය හමාර කරමින් 20 වැනි දා සිට ඇද හැලෙන අධික වැසි සහිත කාල ගුණය හේතුවෙන් කුඩා වැව් රාශියක් පිරී ඉතිරී ගොස් තිබේ.
අක්කර අඩි 5400 ක ජලධාරීතාවයක් රඳවන තබ්බෝව ජලාශය ජලය වාන් මට්ටම දක්වා ඉහල ගොස් ඇත.
ආපදා කලමණාකරණ ඒකකය සහා වාරි මාර්ග දෙපාර්ථමේන්තුව තබ්බෝව වැවට පහළ කොටසේ ජීවත්වන ජනතාවට ගම්වතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
පවතින තත්වය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා තබ්බෝව ජලාශයේ වාන් දොරටු ඇති ස්ථානයට පැමිණි වරිමාර්ග, ජල කලමණාකරණ හා ආපදා කලමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබංඩාර මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 50 පමණ ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සිදුවූ බවයි. ඉදිරි වැසි තත්වය අණුව එය තවත් ඉහළ යා හැකි බවත් පවතින අධීක වැසි සහිත කාලගුණ තත්වය පහව නොගිය හොත් අද මධ්‍යම රාත්‍රිය වන විට තබ්බෝව ජලාශයේ වාන් දොරටු කිහිපයක් විවෘත කිරීමට සිදු විය හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
පුත්තලමේ කුඩා වැව් කිහිපයක් පිටාර මට්ටමේ
Recommended Articles