පුත්තලමේ කසළ කළමනාකරණ ව්‍යාපෘතියකට අනුමැතිය


අජන්ත කුමාර අගලකඩ
 
පුත්තලම අරුවක්කාලු කසළ කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
 
ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මහානගර සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහා විසිනි.
 
චයිනා හාබර් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන සියයකි. 
 
ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කෙරෙන අතර මාස 13ක් තුළ එය නිම කිරීමට අපේක්ෂා කෙරේ.
 
කොළඹ හා අවට ප්‍රදේශවල එකතු වන  කසළ දිනකට මෙට්‍රික් ටොන් 1200ක් පමණ කැලණියේ සිට කොළඹට දුම්රියෙන් ප්‍රවාහනය කිරීමට ද මෙමගින් සැලසුම් කර ඇත.