විනීතා එම් ගමගේ
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සැකසීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි ඉඩම් මිලදී ගැනීමේ දී දැඩි අවධානයකින් කටයුතු කරන්නැයි වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ව්‍යාජ ලෙස ඔප්පු හා ප‍්‍රකාශන සකසා ඉඩම් විකිණීමේ සිද්ධි රාශියක් පසුගිය දිනවල සිදුව ඇති අතර ඒවා මිලදීගත් විශාල පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රජයේ ඉඩම් රාශියක් ද මේ ජාවාරම් කරුවන් විසින් අල්ලාගෙන හා විකුණා ඇතැයි හෙළි වූ බව ද හෙතෙම පැවැසීය

