(එච්. චන්දන )
අධික වර්ෂාවත් සමඟ පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 14,825 දෙනකු අවතැන් වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්. චිත්‍රානන්ද මහතා කියයි.
දිස්ත්‍රික් අපදා අංශ මගින් අද (23) ලබා ගත් දත්ත අනුව අකුණු සැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබේ. අපදා තත්ත්වය හේතුවෙන් පවුල් 4182ක් ආරක්ෂක ස්ථාන 81ක රඳවා ඇති බවද චිත්‍රානන්ද මහතා පැවසීය.
ජල මට්ටම තව දුරටත් ඉහළ ගියහොත් ඉඟිණිමිට හා තබ්බෝව ජලාශවල වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බවත් දිස්ත්‍රික් ලේකම් වරයා වැඩි දුරටත් සඳහන් කළේය.
පුත්තලමේ 14,825ක් අවතැන්
Recommended Articles