පුත්තලමේ පුද්ගලයින් 31,068 පීඩාවට


හිරාන් ප්‍රියංකර ජයසිංහ

පවතින අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 197 ක පවුල් 8594 ක පුද්ගලයින් 31,068  පිඩාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එන් . චිත්‍රානන්ද මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ පීඩාවට පත්ව ඇති පිරිසට අමතරව තවත් පවුල් 3815 ක  13,975 ක ජනතාවක් පුත්තලම දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු වෙත රදවා ඇති බවයි.

මෙම අවතැන් කඳවුරු වලින් නාත්තන්ඩිය  41 ක්, ආරච්චිකට්ටුව 10 ක් , මහවැව 14 ක්  සහ පුත්තලම එක් කඳවුරක් පිහිටුවා තිබේ .

අවතැන් වු සෑම පුද්ගලයෙකුටම පහසුකම් සලසා දීමට ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ නිලධාරින් යොමු කර ඇති බවත් එයට අමතරව අපදා කළමනාකරණ එකකයේ නිලධාරීන් , යුධ , නාවික, පොලිස්  ඇතුළු ආරක්ෂක අංශ  ජනතාව පිළිබඳව විමසිලිවත්ව සිටින බවත් චිත්‍රානන්ද මහතා පැවසීය.

ජලයෙන් යටවු මාර්ග වල ප්‍රවාහන කටයුතු වෙනුවෙන් රජයේ වියදමෙන් ප්‍රවාහන කටයුතුද යොදවා ඇති බව ඔහු සඳහන් කළේය.