අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ ගැටුම්වලට විරෝධය පළ කරමින් පුත්තලම හා වව්නියාව මුස්ලිම් පල්ලිවල ද අද (20) උද්ඝෝෂණ පැවැත්විණි.
අද උද්ඝෝෂණ පැවැත්වු සංවිධාන 14 ක් හා ඔවුනට සහාය දුන් දේශපාලන අධිකාරිය පුත්තලමේ මුස්ලිම් කඩ සාප්පු සෙනසුරාදා (21) වැසීමේ තීරණයකට එළැඹියේය.
අලුත්ගම ගැටුම් සම්බන්ධයෙන් අද වන විට පොලීසියට පැමිණිලි තුන්සීයයක් ලැබී තිබේ.අලාභ හානී වු දෙපාර්ශවයේම අය සොයා ගොස් පැමිණිලි ලියා ගැනීමට පොලීසිය ගෙන්ගෙට යාමට ද සැරැසේ.
බේරුවල හා අලුත්ගම කඩ සාප්පු සාමාන්‍ය පරිදි විවෘත කැර තිබිණි.
(දීපාල්ද සිල්වා)

