පුත්තලම-හලාවත-කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශ 19 ක ඇදිරිනීතීය


( ඉන්දිකා රාමනායක )
 
පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ   ප්‍රදේශ  11 කට  , හලාවත  පොලිස් බල ප්‍රදේශයේ  ප්‍රදේශ 7 කට  සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු ඇදිරීනිය  පනවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.  

පුත්තලම පොලිස් බල ප්‍රදේශයේ ආණමඩුව, සාලිය වැව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, නොරොච්චෝලේ ,කල්පිටිය, වනාතවිල්ලුව, පල්ලම, කරුවලගස්වැව

හලාවත පොලිස් බල ප්‍රදේශයේ ආරච්චිකට්ටුව, හලාවත, මාදම්පේ,  මාරවිල , වෙන්ප්පුව, කොස්වත්ත,දන්කොටුව 

සහ මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශය ඇතුළුව පොලිස් බල ප්‍රදේශ 19 ට මෙලෙස ඇදිරිනීතිය පනවා තිබේ.