පුත්තලම ලුණු සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලති


( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

පුත්තලම ලුණු සමාගමේ ස්ථිර සහ අනියම් පදනමට සේවය කරන සියලුම සේවකයෝ වැටුප් වැඩි කරන ලෙස ඉල්ලමින් අද (15)   විරෝධතාවයක නිරත වුහ. ලුණු සමාගමේ සේවය කරන සියලුම සේවකයින්ට වසර හතරක කාලයකින් කිසිදු ආකාරයක වැටුප් වැඩි විමක් කර නැති බවත් අධික ලාභ ගනිමින් සේවකයින් නොසලකා හැර ඇති බවත් පවසමින් සියලුම සේවකයෝ අද පෙරවරුවේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටදි විරෝධතාවයක නිරත වූහ.

එම විරෝධතාවයට  ලුණු සමාගම නියෝජනය කරන ජාතික සේවක සංගමය , හා නිදහස් සේවක සංගමය  එක්ව සිටි අතර මේ පිළිබඳව පුත්තලම ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරි නියුමන් රෝද්‍රිගු මහතාගෙන්  විමසිමට උත්සහ කළද ඒ මහතා සම්බන්ධකර ගැනිමට නොහැකිවිය.