රෝවන් පෙරේරා
හෙද හෙදියන්ගේ ස්ථාන මාරු නියෝග ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් පුත්තලම මූලික රෝහලේ හෙද හෙදියන් අද (20) පුත්තලම මූලික රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරතවූ බව පුත්තලම පොලිසිය කියයි.
සමස්ත ලංකා හෙද සංගමයේ පුත්තලම දිස්ත්‍රික් සභාපති අමිල රත්නායක මහතා ඇතුළු පනහකට ආසන්න හෙද හෙදියන් පිරිසක් පැය එක හමාරකට ආසන්න කාලයක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරතවූයේ ස්ථාන මාරු ලබා දෙන ලෙස බල කරමිනි.
විරෝධතාවය අතරතුර හෙද හෙදියන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා අත් පත්‍රිකා බෙදා හැරීමක්ද සිදුවීය.
වසර 7,8,9,10 ඉක්මවූ කිලෝ මීටර 200 කට වැඩි දුරක සිට සේවයට පැමිණෙන හෙද හෙදියන් සිටින බවත් විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩ වර්ජනයකට යාමට සූදානම් බවත් ඒ සඳහා අනිකුත් කාර්ය මණ්ඩලවල සහයෝගය ලබාගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ පිළිබඳ විමසීම සඳහා පුත්තලම රෝහලේ වෙද්‍ය අධිකාරිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සහ කළද අසාර්ථක වීය.