පුත්තලම රෝහලේ වාර්තාගත සැත්කමක්


පුත්තලම රෝහලේ ප්‍රථමවරට කළ ප්ලාස්ටික් සැත්කම සාර්ථක වූ බව රෝහලේ වෛද්‍ය අධිකාරී අශෝක් පෙරේරා කියයි.

මාස කිහිපයකට පෙර කල්පිටිය රෝහලෙන් පුත්තලම රෝහලට එවූ රෝගියකුට කළ සැත්කමකින් පසු රෝගියා සුවය ලබන බව ඔහු පවසයි.

පපුව, මුහුණ අත් හා හිසේ සියයටට හතලිහක් පමණ පිළිස්සුම් තුවාල තිබුණා. ඔහු පිළිස්සී ඇත්තේ භූමිතෙල් ලාම්පුවකින්.

ශල්‍ය වෛද්‍ය විශේෂඥයන් වන අරුණජිත් පීරිස්, එරංග පෙරේරා සැත්කමට එක් වූහ. සැත්කමට පැය හයක් ගත විය.

රාගම රෝහලේ විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය යසස් අභයවික්‍රම මහතාගේ සහාය ද ලැබිණි.

ශල්‍ය වෛද්‍ය අංශයේ රෝහල් කාර්යමණ්ඩලයේ සහාය ද ලැබිණි.