පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනා


හිරාන් ප්‍රියංකර ජයසිංහ

පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

මෙසේ ආසාදිතයින් බවට සනාථ වි ඇත්තේ වයස අවුරුදු 11 ක පිරිමි දරුවකු හා අවුරුදු 9 හා 5 ගැහැනු දරුවන් බව කියයි.

මෙම දරුවන් තම මව්පියන් සමග සහිරා ජාතික පාසලේ නිරෝධායනය වෙමින් සිටි දරුවන් බව කියයි.

මෙම දරුවන් තිදෙනා මුල්ලේරියාව රෝහලට රැගෙන යාමට ගිලන් රථ සුදානම් කර තිබිණි.