හිරාන් ප්‍රියංකර ජයසිංහ
පුත්තලම කොළඹ මාර්ගය අද (21) උදෑසන සිට ජලයෙන් යටවීම නිසා වාහන ගමනාගමනයට බාධා එල්ල වු බව පුත්තලම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රංජීත් අලහකොන් මහතා පැවසිය.
සහකාර අධ්‍යක්ෂවරයා පැවසුවේ ආරච්චිකට්ටුව මහඑළිය වැවේ බැම්ම කැඩී යාමත් විජය කටුපත වැවේ වාන් ජලයත් ගලා එමෙන් බත්තුළුඔය ප්‍රදේශයේ මෙසේ යටව ගිය බවයි .
බත්තුළුඔය මංසන්දියේ සිට කිලෝ මීටරයක් දුරට මෙසේ මාර්ගය ජලයෙන් පිරි ගිය අතර ඇතැම් ස්ථානවල අඩි දෙකකට ආසන්න ප්‍රමාණයක් ද අනෙක් ස්ථානවල අඩියකට වැඩි ජල ප්‍රමාණයක්ද මාර්ගයේ තිබීම හේතුවෙන් රියදුරන් දැඩි අපහසුතා මැද වාහන ධාවනය කරන ආකාරය දැක ගත හැකිවිණි.