(මොහොමඩ් ආසික්)
පළාත් සභා කොට්ඨාස සීමා නිර්ණයේදී පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය දෙකට කඩා අකුරණ සහ හතරලියද්ද කොට්ඨාස දෙකට එක් කිරීමට විරෝධය දක්වා ජනතා විරෝධී පෙත්සමකට අත්සන් තැබීම පුජාපිටිය ඓතිහාසික බෝසමිඳු ඉදිරිපිටදී ඇරැඹිණි.
පූජාපිටිය සුරැකීමේ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබු අතර මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම අත්සන් තැබීම සඳහා ප්‍රදේශවාසීහු රැසක්ද එක් වුහ.
ඊයේ(22) මෙය ඇරැඹි අතර දෙවැනි දිනට අද (23) මෙම අත්සන් තැබීම සිදු කෙරෙමින් පවති.
හාරිස්පත්තුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක මෙන්ම මධ්‍යම පළාත් මහාමාර්ග විදුලිබල බල ශක්ති නිවාස සහ ප්‍රවාහන අමාත්‍ය එදිරිවීර වීරවර්ධන , පළාත් සභා මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ. පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරු වන සුරංජිත් කුමාර වික්‍රමසූරිය(එජාප) අනුර මඩලුස්ස (එජනිස) යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.