පුංචි හොර කල්ලියක් ඉංගිරියෙන් අල්ලයි


සිවු දෙනකුගෙන් යුත් ළමා හොර කල්ලියක් ඉංගිරියේ ගෙවල් හා වෙළෙඳහල් බිඳ වගා ද සොරකම් කැර ඇතැයි පොලිසියට වාර්තා වී ඇත. මින් දෙදෙනකුගේ වයස අවුරුදු 13කි. අනෙක් දෙදෙනා අවුරුදු අටේ හා නවයේ පසු වන්නෝය. දෙදෙනෙක් මීට පෙරද හොරකම්වලට හවුල් වී පොලිසියෙන් අවවාද ලැබුවෝය. දෙදෙනෙක් අලූතින් එක්වූවෝය.