(ජයන්ත සමරකෝන්)
පෙබරවාරි 10 වැනිදා පැවැති මැතිවරණයෙන් පළාත් පාලන ආයතන 340කට තේරීපත්වූ සභිකයින් 8356 දෙනකුගේ ධුර කාලය අදින් (20) ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මැතිවරණයේ දී සියයට 50කට වැඩි ඡන්ද සංඛ්‍යාව ලබාගත් කිසියම් පක්ෂයක හෝ කණ්ඩායමක නායකයකු අදාළ පළාත් පාලන ආයතනයේ සභාපති ධුරයට හෝ නගරාධිපති ධුරයට නිතරයෙන් පත්වන බවත්, අදාළ පළාත් පාලන ආයතනයේ මංගල රැස්වීම පැවැත්වෙන දිනය සභාපති හෝ නගරාධිපති විසින් අද තීරණය කරනු ඇති බවත් එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
අමතර ලැයිස්තුවලින් පත්වන සභික සංඛ්යාසව අනුව පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 8,356ට වැඩි විය හැකි බව ද අමාත්‍යාංශය කියයි.
මැතිවරණයේ දී සියයට 50කට අඩුවෙන් ඡන්ද ලබාගත් පක්ෂ හෝ කණ්ඩායම් අයත් ආයතනවල මංගල රැස්වීම පැවැත්වෙන දිනය පළාත් පාලන කොමසාරිස්වරුන් විසින් තීරණය කරනු ඇතැයි අමාත්‍යාංශයේ නිලධාරියා කීය.
සියලූම පළාත් පාලන කොමසාරිස්වරුන් ඒ පිළිබඳව තීරණයකට එළඹ ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර මංගල සභා රැස්වීම පැවැත්වීමට ඉඩ පහසුකම් නොමැති බවට කිසිදු පළාත් පාලන ආයතනයකින් දැනුම් දී නැතැයි පළාත් පාලන අමාත්‍යාංශය කියයි.