පුංචි සබේ කාන්තා නියෝජනය වැඩි කරයි


පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීමේ සංශෝධනයන් ලබන නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (30) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර 60ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට එක්වෙමින් පැවසීය.

ලබන මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී කාන්තා නියෝජනය 25% ක් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් දේශපාලන පක්ෂ සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් වික්‍රමසිංහ මහතා කීවේය.

bmichelection_2015930412 bmichelection_2015930413 bmichelection_2015930414 bmichelection_2015930415 bmichelection_2015930416 bmichelection_2015930419