(නිශාන්ත කුමාර සහ කේ. ඩී. රත්න )
ඇල්ල පුංචි ශ්‍රීපාද කඳු වැටිය තරණය කිරීම සඳහා පැමිණි විදේශිකයන් 10 දෙනෙකු ඇතුළු සංචාරකයින් 15 දෙනෙකු අද (23) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.
ශ්‍රීපාද කඳු වැටියේ ගසක තිබු බඹරයක් ඇවිස්සීමෙන් ඔවුන් මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ප්‍රහාරයට ලක්වූවන් අතර විදේශිකයින් 10 දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.

