පුංචි ලෝකාන්තයෙන් වැටුණු සැලසුම් ශිල්පියාගේ සිරුර හමුවෙයි


(ප්‍රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ)

මඩොල්සිම කොකාගල පුංචි ලෝකාන්තයෙන් ප්‍රපාතයට වැටී අතුරුදන්  වූ බව කියන පුද්ගලයා තුන් දින මෙහෙයුමකින් පසු අද (9) දින යුද  හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් කඹ ආධාරයෙන් ලෝකාන්තයෙන් පහළට බැස සිදු කළ මෙහෙයුමකින් පසු සිරුර හමුවු බව පොලිසිය කියයි.

ලෝකාන්තයේ උඩ සිට මීටර් 1500ක් පහළින් තිබෙන දොරපොද රඹුක ප්‍රදේශයේ ගල් තලාවක් මත තිබී සිරුර යුද හමුදා විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් සොයාගනූ ලැබීය.

මෙසේ ලෝකාන්තයෙන් පහළට වැටී ඇත්තේ  මග්ගොන ප්‍රදේශයේ පදිංචි මාධ්‍ය ආයතනයක සැලසුම් ශිල්පියකු ලෙස කටයුතු කරන ඩී.දිනුර විජේසුන්දර නැමති 34 හැවිරිදි පුද්ගලයෙකි.

ඡායාරූප - ප්‍රසන්න පත්මසිරි