පුංචි ලෝකාන්තය බලන්න ආයෙත් පුළුවන්


(ෂෙල්ටන් හෙට්ටආරච්චි)

දින 121ක් සංචාරකයින්ට වසා දමා තිබූ පුංචි ලෝකාන්තය යළිත් දෙස් විදෙස් සංචාරකයින්ට දැක බලා ගැනීමට අවකාශ ලැබී තිබේ. 

නුවරඑළියේ සංචාරක ව්‍යාපාරයට ආකර්ෂණීය ස්ථානයක් ලෙස වසර කිහිපයකට පෙරාතුව නුවරඑළිය මහා නගර සභාව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව සැලසුම් කළ පුංචි ලෝකාන්තය 
නුවරඑළිය සීතාඑළිය රජයේ ගොවිපලට අයත් භූමියක පිහිටි ස්ථානයකි.  එය පාරිසරික වශයෙන්ද ඉතා වටිනා ඉසව්වකි.

ආරම්භයේ සිට ක්‍රමානුකූලව සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩිවීම හේතුකොටගෙන සෆාරි වාහන 21ක් පමණක් පුංචි ලෝකාන්තය තුළට රැගෙන යාමට අවසර දී තිබිණ.  එමගින් නුවරඑළිය මහා නගර සභාවටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටත් වාර්ෂිකව විශාල ආදායමක් උපයාගත හැකි විය. 

කෙසේ වූවත් ගොවිපොළ තුළින් දිවෙන මාර්ගය අබලන්වීම නිසා  දින 120 ක පමණ කාලයක් පුංචි ලෝකාන්තය දැක බලා ගැනීමට යෑමේ අවස්ථාව ඇහිරී තිබිණ. දැන් එය යලිත් විවෘත කර තිබේ.