පුත්තලම මන්නාරම පරණ පාරේ කල්ලාරු ආසන්නයේ දී කුඩා ලොරියක් පෙරැළී 16 දෙනකු තුවාල ලබා ඇතැයි ද සිව් දෙනකු බරපතල තුවාල ලබන්නට හෝ මියයන්නට ඇතැයි පොලිසිය පවසයි. පොලිසිය පවසන්නේ රාමසාන් උත්සවයකට මන්නාරමේ ඥාති නිවසකට ගොස් පැමිණෙමින් සිටිය දී මේ අනතුර සිදුව ඇති බවයි.

