මීළඟ පළාත් පාලන මැතිවරණය සියයට 70ක් කොට්ඨාස ක‍්‍රමයට හා සියයට 30ක් සමානුපාතික ක‍්‍රමයට පවත්වන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය කොට්ඨාස නිර්ණය අවසන් කර ඇතැයි කී අමාත්‍යවරයා පැන නැගී ඇති අනෙකුත් ගැටලූ පිළිබඳ සාකච්ඡා කරන බව සදහන් කළේය.
ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ ද මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණෙන බව ද ඇමැති කීවේය.
සමානුපාතික ඡන්ද ක‍්‍රමය මගින් මුදල් පදනම් කරගත් මැතිවරණ ක‍්‍රමයක් බිහි වී ඇතැයි කී අමාත්‍යවරයා එම තත්ත්වයෙහි වෙනසක් හා කොට්ඨාසයට වගකියන මන්ත‍්‍රීවරයකු ඉල්ලා ජනතාව කරන ඉල්ලීම සළකා මෙම පියවර ගන්නා බව ද ඇමතිවරයා පැවසීය.

