(මහේෂ් කිර්තිරත්න)
පළාත් පාලන මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය සභා සහ නගර සභා වෙනුවෙන් තේරීපත් වු සභිකයින් 284 දෙනා අතරින් මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රථම වරට සභිකධුර පහක් භික්ෂූන්වහන්සේලා පස්නමකට හිමි වුහ.
රත්තොට, උකුවෙල, යටවත්ත සහ නාඋල යන ප්‍රාදේශීය සභා හතර සඳහා මෙම අවස්ථාව හිමිව ඇති අතර භික්ෂුන් වහන්සේලා වැඩිම පිරිසක් ප්‍රාදේශීය සභා සඳහා නියෝජනය වන දිස්ත්‍රික්කය ලෙස මාතලේ දිස්ත්‍රික්කය හඳුන්වා තිබේ.
රත්තොට ප්‍රාදේශිය සභාවේ සභික ධුරයක් සදහා රත්තොට අඹන්ගග ශ්‍යාම නිකායික සංඝ සභාවේ සභාපති,රත්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධීකාරි, මරදුවාවල ශ්‍රි අශෝකාරාමාධිපති මරදුරාවල ධම්මසිද්ධි හිමියන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ලැයිස්තුවෙන් තේරි පත්ව ඇති අතර උකුවෙල ප්‍රාදේශිය සභාව සදහා ස්වාධින කණ්ඩායමකින් තරග කළ උකුවෙලවත්ත ශ්‍රි ගුණසේකරාමාධීපති , ශ්‍රි රතනජෝති දහම් පාසලේ ප්‍රධානාචාර්ය නුගලියද්දේ සාන්තරතන හිමියන්ද සභික ධුරයක් සදහා තේරි පත්ව ඇති අතර උඩතැන්න නවරත්නගොඩ ශ්‍රි ජිනරාජ විහාරාධිපති උඩරට අමරපුර නිකායික මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක අලවතුගොඩ චන්දවිමල හිමියන් නවරත්තගොඩ කොට්ඨාශයෙන් තරග වැද ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තේරි පත්ව සිටින අතර උන් වහන්සේ 2011 වසරේ සිට 2016 දක්වා සභිකධුරයක්ද හෙබවිය.
මේ අතර යටවත්ත ප්‍රාදේශිය සභාව සදහා මහවෙල කොට්ඨාශයෙන් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළ මහවෙල ශ්‍රි වර්ධනාරාමාධීපති අලකොලමඩ ජිනරතන හිමියන්ද තේරි පත්ව සිටින අතර උන් වහන්සේ මිට පෙර 2006 වසරේද යටවත්ත ප්‍රාදේශීය සභාවේ සභික ධුරයක් හෙබවු අතර නාඋල ප්‍රාදේශි සභාව සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාඋල කොට්ඨාශය සදහා තරඟ කළ නාඋල තරුණ භික්ෂු සංගමයේ සභාපති නාඋල ශ්‍රි ධර්මාලෝක පිරිවෙන් ආචාර්ය නාඋළ දහම් පාසල් ගුරු සංගමයේ සභාපති ශාස්ත්‍රවේදී නාඋල ඉන්දසාර හිමියන්ද තේරි පත්ව තිබේ.