රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවලට පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණයෙන් කොටසක් රජයේ මුද්‍රණාලය වෙත අද (09) රාත්‍රීයේ යැවූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
එක්සත් ජනතා නිදහස් සංධානය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන පක්ෂවලින් සමානුපාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණ කිහිපයක් අද පස්වරුව වන තෙක් ලැබී තිබු හෙයින් ඒවා රජයේ මුද්‍රණාලය වෙත යැවූ බවද මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලංකාදීපයට පැවසීය.
පළාත් පාලන ආයතන වල මන්ත්‍රීවරුන්ගේ නාමලේඛණ ඇතුළත් ගැසට් නිවේදනය ලබන සතියේදී නිකුත් කෙරෙනු ඇති බවද එම නිලධාරියා සඳහන් කළේය.
පුංචි ඡන්දෙන් පත් වු මන්ත්‍රීවරුන්ගේ නම් මුද්‍රණයට
Recommended Articles