(අංජුල මහික වීරරත්න)
මෙවර පළාත් පාලන මැතිවරණයේදී භාවිතා කරන ඡන්ද ප්‍රමාණයට වඩා භාවිතා නොකරන ඡන්ද ප්‍රමාණය වැඩි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.
පාලන පක්ෂයට ලබා නොදෙන සෑම ඡන්දයක්ම එක්සත් ජාතික පක්ෂයට ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද එජාප සභාපතිවරයා කීය.
රටේ ආර්ථික අර්බුදයක් පැන නගින හැම අවස්ථාවකදීම එජාපය ඉදිරියට පැමිණ පාලන බලය ගෙන ආර්ථික අර්බුද කළමනාකරණය කරමින් රට ඉදිරියට ගෙන ගියේ එක්සත් ජාතික පක්ෂය විසින් බවද වජිර අබේවර්ධන මහතා පැවසීය.
ඒ දේවල් ශ්‍රී ලාංකික මහජනතාව අමතක නොකරනු ඇතැයි ද එජාප සභාපතිවරයා කීය.
ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ දී අලුත් අවුරුද්දෙන් පසු වැඩකටයුතු ආරම්භ කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.