පුංචි ඡන්දයේ වියදම කෝටි 400ක්


(රංජන් කස්තුරි)

පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් කෝටි 350ක් පමණ වැය වෙතැයි කලින් ගණන් බලා තිබුණද එම වියදම රුපියල් කෝටි 400ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් පාලන මැතිවරණය මේ වසරේ ජූනි මාසයේ පමණ පැවැත්වෙනු ඇතැයි කලින් අපේක්ෂා කර තිබූ හෙයින් ඒ සඳහා රුපියල් කෝටි 350ක පමණ වියදමක් සැලසුම් කර තිබූ නමුත් මැතිවරණය පෙබරවාරි දක්වා කල් ගිය බැවින් රජයේ සේවකයින්ගේ අතිකාල දීමනා ආදිය ලබන ජනවාරියේ සිට වැඩිවීම ආදී කරුණු හේතුවෙන් එසේ වියදම ඉහළ යනු ඇතැයි ද ඒ මහතා කීය.