පුංචි ඡන්දයේ නාමයෝජනා නිවේදනය හෙට


රංජන් කස්තුරි

ආයතන 93 ක ඡන්ද විමසීම පැවත්වීමට මැතිතවරණ කොමිසම තීන්දුකර තිබේ.

ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 ට අදාලව නාමයෝජනා කැඳවීමේ නිවේදන දිස්ත්‍රි තේරිම් භාර නිලධාරින් විසින් හෙට (27) නිකුත් කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම් එම් මොහමඞ් මහතා ලංකාදීපයට පැවැසීය.
 
එම පළාත් පාලන ආයතන 93 ට නීතිමය ගැටළු හෝ සීමා නිර්ණ ගැටළු හෝ නොමැති හෙයින් බාධාවකින් තොරව ඡන්දය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසම ඒකමතිකව තීන්දු කළ බවට මොහොමඞ් මහතා කීය. 
 
ඒ අනුව එම පළාත් පාලන ආයතන 93 හි ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාර ගැනීම දෙසැම්බර් මස 11 වැනි දින සිට එම මස 14 දින දහවල් 12 දක්වා සිදුකෙරෙන බව ද ඔහු කීය. 
 
තරඟ වදින අපේක්ෂකයින්ගේ ඇප තැන්පතු බාර  ගැනීම හෙටින්  (27) ආරම්භ වී දෙසැම්බර් මස 13 දිනෙන් අවසන් කෙරෙන බවද අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා කීය.