පුංචි ඡන්දයේ ගැසට් පත්‍රයට ඇමැති ෆයිසර් අත්සන් තබයි


(ඉෂාන් සංජීව)

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය සඳහා වන රජයේ ගැසට් නිවේදනයට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද(1) අත්සන් තැබීය.

පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා සිය කාර්යාලයේ දී ඒ සඳහා අත්සන් කළ අතර අදාළ ගැසට් නිවේදනය ඒ අනුව බලාත්මක වනු ඇත.