පුංචි ඡන්දයට ශ්‍රීලනිපය අත ලකුණින්


නිමල කොඩිතුවක්කු 
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලෙස  නිල්පාටින් අත ලකුණින් ඉදිරි පළාත් පාළන මැතිවරණයට තරඟ කරන බව  වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා අද(31) පැවසීය.
 
මැතිවරණය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ලහි ලහියේ සුදානම් වන බවත් ඒ සඳහා නව සංවිධායකවරුන් පත් කිරීම මෙන්ම  මැතිවරණ බල ප්‍රදේශවල ශාඛා ප්‍රතිසංවිධාන කටයුතු, ආසන සම්මේලන, දිස්ත්‍රික් සම්මේලන, පළාත් සම්මේලන හා ජාතික සම්මේලන  ශක්තිමත් කරමින්  ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ජයග්‍රහනය කරා මෙහෙයවන බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
 
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
පළාත් පාළන මැතිවරණය අහෝසි කිරීමටවත් කල් දැමීමටවත් කිසිම අවශ්‍යතාවයක් ශ්‍රිලනිපයට නොමැති බවත් එය ඉතාම ඉක්මනින්ම පවත්වන්නට කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා එහිදී  පැවසීය.