(ධනංජය චන්ද්‍රසේකර)
ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂකයන් තේරීමේදී තරුණයින් සඳහා 25% ක හෝ ඊට වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලික් ඉල්ලීමට තීරණය කර තිබේ.
දේශපාලනයේ නිරතවන තරුණ නියෝජනය සහ කාන්තා නියෝජනය ඉහල දැමීම කාලීන අවශ්‍යතාවයක් වන බැවින් මෙම තීරණය ගත්බවත් ඒ බව දක්වමින් ඉදිරි සතිය තුළ දේශපාලන පක්ෂ වෙත ලිපි යොමුකිරීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයෙකු ප්‍රකාශ කළේය.
පළාත් පාලන මැතිවරණ සංශෝධන පනතික් පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ඉහළ දැමු අතර තරුණ නියෝජනය පිළිබඳ වගන්ති සංශෝධනය කර තිබේ. එසේ උවද මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ නාමයෝජනා ලැයිස්තු සකස්කිරීමේදී තරුණ නියෝජනය සඳහා 25% වැඩි අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂ වෙත දැන්වීමට නියමිතය.
එමෙන්ම ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීට කැමැත්තක් දක්වන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ටද ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසද දේශපාලන පක්ෂ වෙත යෝජනා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

