පුංචි ඡන්දය ජනවාරි අග


(රංජන් කස්තුරි)

පළාත් පාලන ඡන්ද විමසීම ලබන ජනවාරි මාසය ඇතුළත ස්ථිර වශයෙන්ම පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අද(1) තීරණය කළේය.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාවේ දී අද රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව එම තීන්දුව ගෙන ඇත.

කිසියම් පළාත් පාලන ආයතනයක් සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පැවතියහොත් එවැනි ආයතන අතහැර අනෙකුත් පළාත් පාලන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමටද එහිදී තීරණය කොට ඇත.

ඒ අනුව පළාත් පාලන ඡන්දය ජනවාරි 20 සිට 31 දක්වා කාල සීමාව ඇතුළත ඉරිදා සහ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙන බවත් ඒ සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 11 සිට 20 දක්වා සිදුකෙරෙනු ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.