තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
පළාත් සභා මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව සහ එම මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු 7 දෙනෙකු ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) ප‍්‍රතික්ෂේප කළේය.
මෙම පෙත්සම් විභාගයට ගැනීමට පදනමක් නොමැති බැවින් පෙත්සම ප‍්‍රතික්ෂේප කරන බව නලින් පෙරේරා සහ සිසිර ද ආබෲ විනිසුරුවරුන්ගේ තීරණය වූ අතර අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් මහතාගේ තීරණය ඊට පටහැනි විය.
මෙම පෙත්සම අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් , සිසිර ද ආබෲ සහ නලින් පෙරේරා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
ඔමාරේ කස්සප ගලගමුවේ ධම්මසිරි හිමියන් , හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් , හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම , හිටපු අමාත්‍ය ජී.එල්.පීර්ස් යන මහත්වරුන් ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් හැටියට මැතිවරණ කොමිසම , කතානායක කරු ජයසූරිය මහතා සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
පළාත් සභා මැතිවරණය දින නියමයන් නොමැතිව කල් දැමීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 154 ඊ වගන්තිය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාවේ 10.12.1 සහ 14.1 වගන්තීන් උල්ලංඝනය කිරීමක් බව පෙත්සමේ සඳහන් වේ.