පුංචි ඡන්දය කල් දැම්මාට ගම්මන්පිල උසාවියේ


පළාත් පාලන මැතිවරණය කල්දැමෘිම නීති විරෝධී බව පවසමින් මහ නගරා සභා හතරක නගරාධිපතිවරුන් පස් දෙනකු එක්ව ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකර ඇත.

දෙහිවල-ගල්කිස්ස, මොරටුව, ගාල්ල,  සහ අනුරාධපුරය යන මහ නගර සභා හතරක හිටපු නගරාධිපතිවරුන්  මෙම නඩුව පවරා ඇත.
වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන මෙන් පළාත් පාලන ඇමතිවරයාට නියෝග කරන මෙන් ඉල්ලමින් මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් 23 වැනිදාය.
මැතිවරණ කොමසාරිස් වරයා විසින් මැතිවරණය නොපැවැත්වීම කරුණු කිහිපයක් මත නීති විරෝධී යැයි සිය පෙත්සමෙන් පෙන්වා දෙන බව ඊට පෙනී සිටින නීතිඥ උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේ  අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.