පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති


(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට  පිවිසෙන මාර්ගය  ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක අපේක්ෂකයන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් එම කටයුත්ත නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරීහු (22) දින පියවර ගත්හ.

කාලයක් තිස්සේ එම මාර්ගය විශාල වලවල් හෑරී කඩතොලු වී තිබූ නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනයට බාධාවල නිසා හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා විසින් එම මාර්ගයේ වලවල් වසා දැමීමට නගර සභා සේවකයින් යොදවා ඇත.

ඒ අතර තුර එම ස්ථානයට පැමිණි එක්තර දේශපාල පක්ෂයකින් නගර සභාවට තරග කරන අපේක්ෂකයන් දෙදෙනකු එම කටයුත්ත තම ඉල්ලීම පරිදි සිදු කරන බවට ප්‍රදේශවාසීන්ට හුවා දැක්වීමට උත්සහ කර ඇත.

ඒ අවස්ථාවේ එ හිටපු නාගරික මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු හැටන් දික්ඔය නගර සභාවේ තාක්ෂණ නිළධාරියා වෙත දුරකථනයෙන් අමතා සිය විරෝධය දැක්වීමෙන් අමතරව එම මාර්ගය තාවකාලිකව පිලිසකර කිරිම නතර කිරිමට හැටන් දික්ඔය නගර සභාවේ සේවකයෝ පියවර ගත්හ.