ඔක්තෝබර් 24 සිට නොවැම්බර් 6 වැනිදා දක්වා ග්‍රීසියේ දී පැවැත්වෙන ලෝක යොවුන් චෙස් තරගාවලිය සඳහා ශ්‍රි ලංකා ජාතික යොවුන් චෙස් කණ්ඩායමේ වයස අවුරුදු 14 න් පහළ නිල ක්‍රිඩකයා ලෙස ලංකාවේ පළමු හා එකම පාසල් පිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ ධර්මාශෝක ජාතික පාසලේ එම්. සසිත් නිපුන් පියුමන්ත සුදුසුකම් ලබා ගත්තේය.
පසුගිය වසරේ (2014) ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා ලෙස තායිවානයේ පැවැති ආසියා පාසල් චෙස් තරගාවලියට සහභාගි වු සසිත් එම තරගාවලියේ දී වයස 13 න් පහළ බාලක අංශයෙන් ආසියාවේ පළමු වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ රන් පදක්කම දිනා දුන්නේය.
ශ්‍රි ලංකා පාසල් චෙස් කණ්ඩායමේ නිල ක්‍රිඩකයා වෙමින් බ්‍රසිලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දි වයස 13 න් පහළ බාලක අංශයේ ලෝකයෙන්ම පස් වැනියා වෙමින් එම වයස් කාණ්ඩයේ ලොව හොඳම දස දෙනාට හිමි පදක්කම ද දිනා ගත්තේය.
ඔහුගේ පුහුණූකරු ලෙස ප්‍රවීණ චෙස් ක්‍රිඩා උපදේශක ගිහාන් කාංචන මහතාය.


