
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු ගංජා ග්රෑම් 9 ක් සමඟ පෙරේදා 11 වෙනිදා රාත්‍රියේ දී අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි.
ලද තොරතුරක් අනුව නිවසේ දී අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා සතුව ගංජා ග්රෑම් 9 යි මිලිග්රෑම් 95 ක් තිබුණු බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන දෙහිඅත්තකණ්ඩිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංක 120 රත්මල්කඳුර දෙහිඅත්තකණ්ඩි ලිපිනයේ පදිංචි අවුරුදු තිස් අට හැවරිදි වසන්ත කුමාර යන අය බව ඒ සම්බන්ධ පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

