පීසී වැරදි තැනට ගිහින් කොටුවෙයි


මිරිහාන පොලීසියේ පොලිස්පති තොරතුරු ඒකකයට අනවසරයෙන් ඇතුළුවූ පොලිස් රියදුරකු රඳවාගනු ලැබ සිටී. නාරම්මල පොලීසියේ සේවය කරන ඔහුට එම මැදිරියට ඇතුළුවීමට කිසිදු අයිතියක් නැතැයි පොලීසිය කියයි. කළුබෝවිල රෝහලට ඉදිරිපත් කළ ඔහු මත්පැන් බී සිටි බවත් වෛද්‍යවාර්තාවකින් පැවසේ.