දොඩම්ගොඩ බෝඹුවල දී මැර ප්‍රහාරයට ලක්වූ බව කියන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ට සාමාන්‍ය ඇඳුමින් සැරසුණු දෙදෙනකු සමග නැනෝ කැබ්රියකින් අද රාත්‍රී සිද්ධිය වූ ස්ථානයට යෑමට එන ලෙසට පොලිසිය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
දොඩම්ගොඩ පොලිස් ස්ථානාධිපති ලසන්ත බුද්ධික මහතා නිල ඇඳුමෙන් සිටි අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු තවත් දෙදෙනකු නැනෝ කැබ්රියේ සිට ඇත.
දොඩම්ගොඩ ස්ථානාධිපතිගේ අරමුණ වී ඇත්තේ කොස්තාපල්ලවා එදින සිද්ධිය වූ තැනට වාහනය පදවාගෙන යෑම බව කියති.
සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු දෙදෙනකු ද සමග මහ රෑ යෑමට නොහැකි බව කියමින් පොලිසියේ ඉල්ලීම කොස්තාපල් සුමින්ද සමන් ප්‍රතික්ෂේප කළේය. තමාගේ ආරක්ෂාව ගැන ගැටළුවක් ඇතැයි ද ඔහු කීවේය.
ඉන් පසු ඔහුගෙන් කටඋත්තරයක් ලබා ගත් පොලිසිය නිවසින් පිටව ගියේය.
කොස්තාපල්ගේ ඥාතීන් කියනුයේ පොලිසිය කොස්තාපල් සුමින්ද අමාරුවේ දැමීමට හදන බවයි. පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.

