පීසී පෙම්වතුන්ගෙන් කප්පම් කන්න හදලා


කොළඹ පෙරහර මාවතේ දී අත්අඩංගුවට ගත් තරුණ ජෝඩුවක් අසභ්‍ය ලෙස හැසුරුණු බවට නඩු නොපැවරීමට නම් රුපියල් 4000ක කප්පමක් ඉල්ලූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත්  විසින් ලබන 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

මෙවැනි වැඩ කරන අය පොලිස් සේවයට සුදුසු නැතැයි මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා පැවසීය.