වැල්ලවත්තේ දී ව්‍යාපාරිකයකු පැහැරගෙන රුපියල් 13 ලක්ෂයක් පැහැරගත්තැයි කිය පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ හැසිරීම දැඩි ලෙස අප්‍රසාදයට පත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා මෙවැනි දෙයින් පොලිසියටත් රජයටත් ශාප කරන බව කීවේය.
ඒ ජී තනුජ හා සංජීව නිලන්ත යන කොස්තාපල්වරු දෙදෙනා පැමිණිලි කරු විසින් හඳුනා ගනු ලැබූහ.
එම දෙදෙනා ද තෙවැනි සැකකාර කරුපයියා යෝගේෂ්වරන් ද මහේස්ත්‍රාත් විසින් ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

