වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන්නේය.
කොල්ල කෑ මුදලින් රුපියල් ලක්ෂ 12ක් පොලිස් තනිකඩ නිවාසයේ තිබී සොයා ගත් බවත්, තවත් අයකු හෝ දෙදෙනකු මීට සම්බන්ධ බවට තොරතුරු ඇති බවත් පොලිසිය කියයි.

