අපරාධවලට හවුල් යැයි හෙළිවීමත් සමගම ජනාධිපති ආරක්ෂක අංශය විසුරුවා හැර පොලිස් විශේෂ කාර්ය බළකායට ජනපති ආරක්ෂක සේවාව බාර කළ බව මහජන සාමය පිළිබඳ ඇමැති කියයි.
මෙම එස්.ටී.එෆ් භටයන්ගේ මුල්ම කාර්ය භාරය වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාට මහනුවරදී සෙනසුරාදා ආරක්ෂාව සැපයීමයි. 5000ක් පමණ වූ ජනපති ආරක්ෂක අංශය (පී.එස්.ඩී) ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරඹීය.
පීඑස්ඩීයේ මුල්ම සිද්ධිය වාර්තාවූයේ අඟුණුකොළපැලැස්සෙනි. ජනපති සිරිසේන මහතාගේ රැස්වීමට පතරොම් පිරවූ පිස්තෝලයක්ද රැගෙන හමුදා කමාන්ඩෝ භටයකු ගිය බව රහස් පොලිසිය කියයි. ජනපති ආරක්ෂාවේ අඩුපාඩු තිබුණු දෙවැනි සිද්ධිය වාර්තාවූයේ නුගේගොඩදීය.
එහිදී වෙසක් තොරණක් විවෘත කළ ජනපති ආපසු යද්දී ජනපතිගේ නිල රියට ඔහු යොමු කිරීමට පීඑස්ඩිය අසමත් විය. ජනපති එදා නැගුණේ අගමැතිගේ නිල රියටයි. පීඑස්ඩියේ සේවය කළ පිරිස් පොලිසිවලට අනුයුක්ත කෙරෙන අතර එහි ප්‍රධානියා වූ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ වෙනත් තනතුරකට පත් කිරීමටද යයි.

