පී:එච්:අයි ට පහරදුන් තරුණයා අත්අඩංගුවට


( රොමේෂ් මධුෂංඛ)

වව්නියාව සාන්තසෝලෙයි ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට පහරදුන් බවට සැක කෙරෙන තරුණයා   අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය  පවසයි.

පසුගිය 09 වනදා සවස වව්නියාව සාන්තසොලෙයි ප්‍රදේශයේදී රාජකාරීකටයුතු කරමින් සිටි මහජන සෞඛ්‍ය පරික්ෂක වරයෙකු විසින් මුඛ ආවරණ නොපැළඳ සෞඛ්‍ය නීති කඩකරමින් යතුරුපැදියක ගමන් කරමින් සිටි තරුණයෙකු නවතා ප්‍රශ්න කිරීමට ගත් උත්සහයකදී අදාල තරුණයා විසින් මහජන සෞඛ්‍ය පරික්ෂක වරයාට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පහරකෑමෙන් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා රෝහලගත කළ අතර පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වව්නියාව පොලීසිය පුලුල් පරික්ෂණයක් ආරම්භ කරනු ලැබීය.

සැකකාර 25 හැවිරිදි තරුණායා සාන්තසෝලෙයි ප්‍රදේශයේම සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර එම තරුණයා වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පොලීසිය පැවසීය.