පී.සීගෙ ගිනි අවිය පත්තු වී සැකකරුට තුවාල


ඩී.ජී.සුගතපාල

පෝද්දල පොලිසියේ කොස්තාපල්වරයකුගේ ගිනි අවියක් පොලිසිය තුළදි පත්තුවි සිර මැදිරියේ සිටි සැකකරුවකුට සුලු තුවාල සිදුව ඇතැයි පෝද්දල පොලිසිය පවසයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයට(119) ලැබුණ පණිවුඩයක් අනුව ගිය පොලිස් නිලධාරියා නැවත පොලිසියට පැමිණ රාත්‍රි ස්ථාන භාර උප සේවා නිලධාරියාට ගිනි අවිය බාරදිම සඳහා බිමට හරවා පතරොම් ඉවත් කිරිමට යාමේදි ගිනි අවිය පත්තුවි තිබේ. එම පතරෙම බිමට වැදිම  ටයිල් කැටයක් බිඳි එහි කැබැල්ලක් සිර මැදිරියේ සිටි සැකකරුව‍ෙගේ තොලට වැදි තුවාල සිදුව ඇත.

පසුව වෛද්‍යවරකුට ඉදිරිපත් කොට සැකකරුගේ තොලට බෙහෙත් දමා ඇත.