පී.සී.ත් මඩ වළේ එරේ
මාතර ඇල්ලකන්දේ මිනී මැරුම් නඩුවක ප‍්‍රධාන සැකකරුවකු ද ඔහු අල්ලා ගැනීමට ඇළකට පැන ඇති කොස්තාපල්වරයකු ද මඩ ගොඩක එරී අමාරුවට පත්ව සිටිය දී බේරා ගැනීමට සෙසු නිලධරයෝ සමත් වූහ. හෙරොයින් කුඩු ගනුදෙනුවක ආරවුලක් මත පසුගිය අපේ‍්‍රල් මාසයේ දී කැකණදුර ඇල්ලකන්දේ දී විසිඅට හැවිරිදි තරුණයකු මරා දැමී යැයි සැකපිට දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකණදුරයේ දෙදරු පියෙකි.

