ගාල්ලේ මාපලගම තල්ගස්වල දී කොස්තාපල්වරයකු යටකරගෙන ගිය බව කියන යතුරුපැදිකරුවකු හා ඔහුගේ සඟයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. බයිසිකලය නවත්වන ලෙස අණකළ අවස්ථාවේ කොස්තාපල්ගේ ඇඟට කපා හප්පා ධාවනය කැර ඇතැයි ද කොස්තාපල් කරාපිටිය රෝහලට ඇතුලත්කැර ඇතැයි ද පොලීසිය කියයි.

