පිළිස්සුණු සිරුරක් නාරාහේන්පිට


මරා පුළුස්සා තිබූ මිනිසකුගේ සිරුරක් නාරාහේන්පිට ටොරින්ටන් මහල් නිවාස ආසන්න මාර්ගයේ දමා තිබියදී අද (14) සොයා ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි. ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 30-35 අතර වයසේ පසුවන්නකු බවත්  හඳුනාගත නොහැකි අයුරින් සිරුර පුළුස්සා තිබූ බවත් පොලීසිය සඳහන් කරයි. අලුත්කඩේ මහේස්ත්‍රාස් උසාවියේදී පැහැරගත් දෙමටගොඩ මර්වින් ගැන ද කිසිදු ආරංචියක් නැත.