(ක.ග කරුණාරත්න / ඩබ්.ඒ පියතිලක)
පොලොන්නරුව, ගිරිතලේ, සුදු කන්ද රක්ෂිතයේ පුරාණගමට නුදුරු කැලෑවේ තිබී පිළිස්සුණු මළ සිරුරක කොටස් අද (25) උදේ හමුවූ බව මින්නේරිය පොලිසිය කියයි.
කැලැවට දර කැඩීම සඳහා ගිය ගම්මුන් පිරිසක් විසින් මෙම පිළිස්සුණු මළ සිරුරේ ඇට කටු, හිස්කබල ඇතුළු අවශේෂ දැක ඒ බව පොලිසියට දැනුම්දී තිබේ.
මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. හිඟුරක්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සුසන්ත කරුණාතිලක මහතා විසින් අද (25) උදේ එම ස්ථානයේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය. මින්නේරිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.


