පිළියන්දල අම්මා රිමාන්ඩ්


පුංචි දුව ඝාතනයට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට පිළියන්දල මොරෑඳේ රුක්ෂිකා තිලිනි වීරසිංහ (19) ලබන 9 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා නියෝග කළේය.

දරුවාගේ මළගමට සහභාගී වීමට අවසර දෙන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නුවන් විතානගේ මහතා ඉල්ලීමක් කළේය.

තමාට ඒ සඳහා අවසර දිය නොහැකි නමුත් බන්ධනාගාර අධිකාරීට දන්වන්නැයි මහේස්ත්‍රාත් උපදෙස් දුන්නේය.