පිළිකා බේතක ලංසුව කෝටි 51කට දෙයි


(අංජුල මහික වීරරත්න)

ට්‍රස්ටුසුමැබ් එන්නත් මිලිග්‍රෑම් 440න් (440mg) මිලිලීටර 20 (20ml) වයල් 28,000ක් (ද්‍රාවක සමඟින්) ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඇතැම් පිළිකා වර්ග සඳහා ප්‍රතිකාර කිරීමට භාවිත කරනු ලබන ට්‍රස්ටුසුමැබ් එන්නත් මිල දී ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු පහක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය මත පදනම්වඅවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ  Cliniqon Biotech (Pvt) Ltd. (Manufacturer: AryoGen Pharmed, Iran) වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 516.6ක මුදලකට අදාළ ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.